රිෂාඩ් සහ සොහොයුරාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹේ – අත්අඩංගුවට ගත්තේ මෙලෙසයි (PHOTOS)

රිෂාඩ් සහ සොහොයුරාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹේ – අත්අඩංගුවට ගත්තේ මෙලෙසයි (PHOTOS)

හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

පාස්කු ප්‍රහාරයේ ඝාතයින්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් අද (24) අළුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

රිෂාඩ් බදියුඩීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත ඔහුගේ නිවසේදී බවත් රියාජ් බදියුදීන්  අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදී බවත් වාර්තා වනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෘජු හා විද්‍යාත්මක, පර්යේෂණ සාක්ෂි මත අත්අඩංගුවට ගත් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

රියාජ් බදියුදීන් මීට ප්‍රථම ද අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබා ගෙන සිට පසුව නිදහස් කරනු ලැබුවා.

 

Share This