2004 වසරේදී හඳුනාගත් උල්කාපාතය පෘථිවියේ ගැටීමේ අවදානමක් නෑ
ඉකුත් 2004 වසරේදී ඉතා බලගතු උල්කාපාතයක් ලෙස හඳුනාගෙන තිබූ ‘ආපෝෆිස්’ නමැති උල්කාපාතය ඉදිරි වසර 100 තුළදී පෘථිවියේ ගැටීමේ අවදානමක් නොමැති බව ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය නිවේදනය කර තිබෙනවා
ඒ අනුව තවත් වසර 100ක් යනතුරු මිහිතලයේ ආරක්ෂාව තහවුරු වනු ඇති
මෙම උල්කාපාතය 2029දී හෝ 2036 වසරේදී පෘථිවිය සමීපයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර 2068 වසරේදී එම උල්කාව පෘථිවියට පතිත විය හැකි බවට පසුගිය සමයේදී අනුමාන කෙරුණා
එහෙත් නාසා ආයතනයේ විද්‍යාඥයන් මේ වන විට ප්‍රකාශ කරන්නේ එම උල්කාපාතය 2068 වසරේදීවත් පෘථිවියේ ගැටීමේ ඉඩකඩ නොමැති බවයි.
මෙම උල්කාපාතය එළැඹෙන 2029 වසරේදී අප්‍රේල් 13 වැනි දින පෘථිවිය පසුකර යෑමට නියමිත බවද එම උල්කාපාතය පාපන්දු පිටි තුනක විශාලත්වයකින් යුතු බවද වාර්තා වී තිබෙනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා