The wedding show 2022 ‘පෙබරවාරි මස’ 11,12,13 යන තෙදින පුරා

The wedding show 2022 ‘පෙබරවාරි මස’ 11,12,13 යන තෙදින පුරා

ප්‍රදර්ශන ලොවේ දැවැන්තයා Asia exhibition and convention පුද්ගලික සමාගම විසින් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම හා උත්කර්ෂවත් මංගල ප්‍රදර්ශනය වන The wedding show 2022 පෙබරවාරි මස 11,12,13 යන තෙදින පුරා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මංගල දිනය සෑම තරුණ තරුණියකගේම ජිවිතයේ සුන්දරතම හා වැදගත් සංධිස්ථානයක් බව අප සියලු දෙනාම හොදින් දන්නා කරුණකි.

එම දිනය වන තෙක් තරුණ තරුණියන් දිනගනන් බලමින් සිටින්නේ තමන්ගේ සිහින මංගල දිනය ඔවුන්ගේ සිතැගි පරිදි ඉටුකරවා ගැනීමටයි. නමුත් පවතින කාර්යබහුල ජීවන රටාව,ආර්ථික මට්ටම් සහ වෘත්තිකයන්ගේ තෝරාගැනීම අද තරුණ තරුණියන්ගේ පවතින ඉතා ප්‍රබල ගැටලුවකි.

දිවයින පුරා විසිරි ඇති සුඛෝපභෝගී හෝටල් 50 කට අධික ප්‍රමාණයක්,මනාලියන් හැඩගැන්වීම සඳහා සැලෝන්,පාරම්පරික මුල් ඇඳුම්,මල් සැරසිලි,කේක් වර්ග,මනාලයන්ගේ මංගල ඇඳුම්,අෂ්ඨක,wedding card,Dj,වාදක කණ්ඩායම්,මංගල උත්සව සැලසුම්කරුවන් 250 කට අධික ක්ෂේත්‍රයක් ප්‍රවීනයන් එකම වහලක් යටට ගෙන එන එකම හා දැවැන්තම මංගල ප්‍රදර්ශනය වනුයේ Asia Exhibition and convention ආයතනය සංවිධානය The Wedding Show මංගල ප්‍රදර්ශනයයි.

වාර්ෂිකව විවිධ වූ හා විශේෂිත වූ තේමාවන් යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර අලංකාර සහ ගුණාත්මක බව හා දිනෙන් දින වෙනස් වන නව්‍යතා සමග සෑම විටම අලුත්වන ප්‍රදර්ශනය වන්නේ මෙම The Wedding Show ප්‍රදර්ශනයයි.

මෙම වසර The wedding show මංගල ප්‍රදර්ශනය හා Asia Exhibition and Convention පුද්ගලික සමාගමටද විශේෂිත වසරකි.එනම් ඔවුන් විසින් අභිමානවත් වසර 15 සමරනු ලබන්නේද මෙම වසරේදීය.

ඒ වෙනුවෙන් විශේෂිත වූ දිනුම් ඇදීම්,තෑගි හා වට්ටම් ලබාදීමට සියල්ල කටයුතු සංවිධානය කර ඇත.මෙම දින පුරාවටම ජනප්‍රිය සංගීත කණ්ඩායම් සහ DJ විශේෂාංග මෙන්ම තවත් විශේෂිත ක්‍රියාකාරකම් ඔබ වෙනුවෙන් සංවිධානය වී ඇත.

මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලෙස ස්වර්ණමහල්  ජුවලර්ස් ආයතනය,නිල හොටෙල් සහකරු ලෙස Double Tree by Hilton හෝටලය,නිල පාරම්පරික මුල් ඇඳුම් සහකරු මනාලයන්ගේ මහ ගෙදර, කුල ගෙදර,නිල මනාල ඇඳුම් සහකරු Dress Master ආයතනය,නිල රූපලාවණ්‍ය සහකරු Bridal House  ආයතනය , නිල සාරි සහකරු ලෙස kandy ආයතනය , නිල අනුග්‍රාහක ලෙස cash Entertainment ආයතනය හා මෙම සියල්ල ප්‍රදර්ශනයේ නිල මුද්‍රිත සහකරුලෙස විජය  පුවත්පත් ආයතනය කටයුතු කරනු ලබයි.

මෙම ප්‍රදර්ශනය විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ගේ සොඳුරුතම මංගල දිනය ඔබගේ සිතැඟි පරදි සැලසුම් කරවා ගැනීමට හා මෙම ප්‍රදර්ශනයේදී ලබාදෙන විශේෂිත වු වට්ටම් සහා වරප්‍රසාද ලබාගැනීමට හා ප්‍රදර්ශනයට තුලින් පමණක් හමුවිය හැකි වෘත්තිකයන්ගේ සහය ඇතිව ඔබගේ විවාහ මංගල දිනය සැලසුම් කරවා ගැනීමට පෙබරවාරි 11,12,13 යන දිනයන් BMICH පරිශ්‍රයට පැමිණෙන ලෙස ඔබට ඇරයුම් කර සිටියි.

Share This