Threads යෙදවුමෙන් තැබූ ගිනස් වාර්තාව

Threads යෙදවුමෙන් තැබූ ගිනස් වාර්තාව

Meta සමාගම විසින් අලුතින් හඳුන්වා දුන් Threads යෙදවුමේ පරිශීලකයින් මිලියනයක් ඉක්මවා ගිය පළමු පුද්ගලයා බවට පත් වෙමින් අමෙරිකානු YouTuber “MrBeast” ගිනස් වාර්තාවක් බිඳ දැමීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ Threads ගිණුම සඳහා මිලියන 3ක පමණ පිරිසක් එක්ව ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Threads යෙදවුම සඳහා මේ වන විට මිලියන 30කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.

කෙසේවෙතත් Twitter හිමිකරු Elon Musk ප්‍රකාශ කර ඇත්තේ Threads යෙදවුම Twitter හි “බුද්ධිමය දේපල අයිතිවාසිකම්” උල්ලංඝනය කිරීමක් බවයි.

Share This