TikTok නොවික්කොත්   App එක තහනම් කරනවා – අමෙරිකාවෙන් තර්ජනයක්

TikTok නොවික්කොත් App එක තහනම් කරනවා – අමෙරිකාවෙන් තර්ජනයක්

TikTok යෙදවුම විකුණා දැමිය යුතු බවත් එසේ නොමැතිනම් රට තුළ TikTok භාවිතය තහනමකට ලක්කරන බවත් අමෙරිකා එක්සත් ජනපදය පවසනවා.

චීන සමාගමක් වන ByteDance සතු වීඩියෝ හුවමාරු කරගැනීම සඳහා වන TikTOK යෙදවුම භාවිතය නිසා මිලියන ගණනක් පරිශීලකයින්ගෙන් එකතු කරන ලද දත්ත හරහා ජාතික ආරක්ෂක අවදානමක් ඇති බවට ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කරන බවයි විදෙස් මාධ්‍ය කරන්නේ.

මේ වනවිට TikTok සමාගමේ හිමිකාරිත්වයේ වෙනසක් කිරීමට සූදානම් වන බව Wall Street වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

ByteDance සමාගම පවසන්නේ බලහත්කාරයෙන් TikTok සමාගම විකුණා දැමීම මගින් එහි ඇති දත්ත ප්‍රවාහයන් හෝ ප්‍රවේශයන් වල වෙනසක් සිදු නොවන බවයි..

Tiktok යෙදවුම හරහා චීන රජයට සියළුම දත්ත ලබාගත හැකි බවට ඇමරිකානු නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ හඳුනාගෙන තිබෙනවා.

Wall Street වාර්තාව පෙන්වා දෙන්නේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනයට අවශ්‍ය වන්නේ TikTok සමාගමේ හිමිකාරිත්වය සම්පුර්ණයෙන්ම චීනයෙන් ඉවත් කරගැනීමට බවයි.

ජාතික ආරක්ෂක අවදානම් අධීක්ෂණය කරන එක්සත් ජනපදයේ විදේශ ආයෝජන පිළිබඳ කමිටුව චීන ByteDance සමාගමෙන් TikTok ඉවත් කිරීම ගැන ඒකමතිකව නිර්දේශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

2020 දී එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ප්‍රථම වරට TikTok භාවිතය තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත්, ජනාධිපති Joe Biden ගේ පරිපාලනය ද Tiktok සමාජ ජාලය පිළිබඳව පැහැදීමක් නොමැති බව TikTok’ හි වාර්තාකරුවෙකු පවසනවා.

Instagram සහ Twitterවලට සමානවම TikTok යෙදවුමටත් එහි පරිශීලකයින්ගේ විශාල දත්ත ප්‍රමාණයක් එකතු කරගැනීමට හැකියාව පවතිනවා.

එයට පරිශීලකයින්ගෙන් පෞද්ගලික තොරතුරු ලබා ගත හැකි අතර ස්ථානය සම්බන්ධයෙන් ඇති දත්ත වෙත ද ප්‍රවේශ වීමේ හැකියාව පවතිනවා. ඇමෙරිකාව බියවී ඇත්තේ එම තොරතුරු චීන රජයට ලබා ගැනීමට හැකි නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සීමා පනත මගින් එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවට විදේශීය සම්බන්ධිත සමාගම් වෙත ජාතික ආරක්ෂාව පිලිබඳ අවදානම් ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This