TikTok සමාගමෙන් අමෙරිකාවට ප්‍රතිචාර

TikTok සමාගමෙන් අමෙරිකාවට ප්‍රතිචාර

කිසිඳු අවස්ථාවක අමෙරිකානු පරිශීලකයන්ගේ දත්ත චීන රජය සමග හුවමාරු කර නොගත් බව TikTok ප්‍රධාන විධායක නිලධාරි Shou Zi Chew පවසනවා.

TikTok හි මව් සමාගම වන ByteDance ආයතනය චීන රජයේ හෝ එරට වෙනත් රාජ්‍ය ආයතනයකට අයත් වීමක් හෝ පාලනය වීමක් සිදු නොවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

අමෙරිකානු නීති සම්පාදකයින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ TikTok යෙදවුම අමෙරිකානුවන්ගේ පෞද්ගලිකත්වයට සහ ජාතික ආරක්ෂාවට අවදානමක් පවතින බැවින් එය භාවිතය තහනම් කිරීමට අදාළ නීති කෙටුම්පත් සකස් කරමින් පවතින බවයි.

මිලියන 150 ක් ඉක්මවන අමෙරිකානු පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට ද නව වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින අතර අදාළ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව TikTok ප්‍රධාන විධායක නිලධාරි Shou Zi Chew ප්‍රකාශ කර තිබෙනවා.

Share This