TikTok තහනම් කරන අමෙරිකාව

TikTok තහනම් කරන අමෙරිකාව

TikTok සමාජ මාධ්‍ය යෙදවුම භාවිතය තහනම් කිරීම සඳහා නව නීති හඳුන්වාදෙන බව අමෙරිකාව පවසනවා.

චීනය නිර්මාණය කර ඇති TikTok යෙදවුම මගින් තම රටේ ආරක්ෂක දත්ත ලබා ගැනීමට ඔවුන්ට හැකියාව පවතින බවයි අමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ.

අමෙරිකාවේ මිලියන 100කට අධික පිරිසක් TikTok සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කරමින් සිටින බව සඳහන්.

අදාළ තහනම පැනවීමත් සමග ජනතාවගෙන් ඊට විරෝධයක් එල්ල වුවහොත් TikTok භාවිතයට සීමා පැනවීමට පියවර ගන්නා බවයි අමෙරිකාව පෙන්වාදෙන්නේ.

දැනටමත් TikTok සමාජ මාධ්‍ය යෙදවුම තහනම් කිරීමට අවශ්‍ය නීති කෙටුම්පතක් ද අමෙරිකාව සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This