Twitter තරගකරු Threads, සිය වෙබ් අඩවිය හඳුන්වා දෙයි

Twitter තරගකරු Threads, සිය වෙබ් අඩවිය හඳුන්වා දෙයි

Twitter සමාජ මාධ්‍ය ජාලයට තරගකාරීත්වයක් ලබා දීම සඳහා Facebook සමාගම හඳුන්වා දුන් Threads යෙදවුම සඳහා වෙබ් අඩවියක් එළිදක්වා තිබෙනවා.

ඒ අනුව දුරකථන යෙදවුමකට පමණක් සීමා වී තිබූ Threads සමාජ මාධ්‍ය ජාලයට දැන් වෙබ් අඩවියක් හරහා ද පිවිසීමට හැකියි.

තමා සතුව පවතින Threads ගිණුමට වෙබ් අඩවිය හරහා ඇතුළු වීමට හැකියාව පැවතිය ද නව ගිණුමක් ආරම්භ කිරීමට මෙම වෙබ් අඩවිය හරහා තවමත් අවස්ථාව හිමිවන්නේ නැහැ.

Share This