Twitter තරගකරු Threads, සිය වෙබ් අඩවිය හඳුන්වා දෙයි
Twitter සමාජ මාධ්‍ය ජාලයට තරගකාරීත්වයක් ලබා දීම සඳහා Facebook සමාගම හඳුන්වා දුන් Threads යෙදවුම සඳහා වෙබ් අඩවියක් එළිදක්වා තිබෙනවා.
ඒ අනුව දුරකථන යෙදවුමකට පමණක් සීමා වී තිබූ Threads සමාජ මාධ්‍ය ජාලයට දැන් වෙබ් අඩවියක් හරහා ද පිවිසීමට හැකියි.
තමා සතුව පවතින Threads ගිණුමට වෙබ් අඩවිය හරහා ඇතුළු වීමට හැකියාව පැවතිය ද නව ගිණුමක් ආරම්භ කිරීමට මෙම වෙබ් අඩවිය හරහා තවමත් අවස්ථාව හිමිවන්නේ නැහැ.