UGC සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගට ජපානයෙන් සම්මානයක් (වීඩියෝ)
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ජපන් රජය විසින් පිරිනමනු ලබන සූර්ය ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවා.
සම්මානය පිරිනැමීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ පැවැත්වුණේ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේදී.
ජපානය සමඟ මිත්‍රශීලි සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා වූ දායකත්වය වෙනුවෙන් ජපාන රජය මෙම සූර්ය ස්වර්ණ සම්මානය වසරකට දෙවතාවක් විදේශිකයෙකු වෙනුවෙන් පිරිනමනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයානි මහත්වරුන් අතින් සම්මානය භාරගත් ජනාධිපතිතුමන් එය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වෙත පිරිනමනු ලැබුවා.