Universities for Goal 13 ගෝලීය තරගාවලියේ ජය ශ්‍රී ලංකා මහාචාර්යවරයෙක් ගේ කණ්ඩායමට (VIDEO)

Universities for Goal 13 ගෝලීය තරගාවලියේ ජය ශ්‍රී ලංකා මහාචාර්යවරයෙක් ගේ කණ්ඩායමට (VIDEO)

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය (SDSN) විසින් ජර්මනියේ Siemens Energy ආයතනය සමග හවුල්ව සංවිධානය කරන Universities for Goal 13 ගෝලීය තරගාවලියේ අවසන් වටයේ ජයග්‍රාහකයා,නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව SDSN හි 25 වන නායකත්ව මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශයට පත් වුණා.

ඒ පසුගිය 19 වැනිදායි.

මැලේසියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය නියෝජනය කළ පර්යේෂණ කණ්ඩායමට මෙහි ජයග්‍රහණය හිමිව තිබෙනවා.

කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලාංකික ආදි ශිෂ්‍යයන් දෙදෙනකු වන මොරටුව විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ සහකාර මහාචාර්ය සමන් ඉලංකොන් සහ ආචාර්ය උපාධි පර්යේෂක මනුජ දයානාත් යන මහත්වරුන්.

ඔවුන් සමග, ආචාර්ය උපාධි පර්යේෂක ෂෆීක් අහමඩ් සයිඩ් අලි සහ ලූර්ඩ්ස් ලොහ් යේ ෂින්ග් (මෝගන්) ද මෙම ජයග්‍රහණයට එක්ව සිටියා.

මෙම ජාත්‍යන්තර සම්මානය මගින් කණ්ඩායමට ඔවුන්ගේ නවෝත්පාදනමය විසඳුම තවදුරටත් පරිමාණය කිරීමට ඇමරිකානු ඩොලර් 10,000 ක ආධාර මුදලක් හා ජාත්‍යන්තර ජාලකරණ අවස්ථා හිමි වුණා.

Share This