Uttarakhand උමං මාර්ගයේ කම්කරුවන් සිරවී පැය 150කට වඩා වැඩියි

Uttarakhand උමං මාර්ගයේ කම්කරුවන් සිරවී පැය 150කට වඩා වැඩියි

ඉන්දියාවේ Uttarakhand උමං මාර්ගයේ සිරවුණු කම්කරුවන් මේ වනවිට පැය 150කට වඩා අධික කාලයක් එම උමං මාර්ගය තුළ සිරවී සිටිනවා.

එමෙන්ම විදුම් යන්ත්‍රයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව නතර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යන්ත්‍රයෙන් හදිසියේ අසාමාන්‍ය ශබ්දයක් ඇසීමත් සමග ඊයේ සවස නිලධාරීන්ට කැණීම් නතර කර තිබෙනවා.

අනතුර සිදුවූ ස්ථානයට දෙවන විදුම් යන්ත්‍රයක් රැගෙනවිත් ඇති අතර මෙහෙයුම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

Uttarakhand උමං මාර්ගයේ කොටසක් කඩා වැටී පසුගිය ඉරිදා(12) උදෑසන සිට කම්කරුවන් 41 දෙනෙකු එම උමං මාර්ගයේ සිරවී සිටිනවා.

සියලුම කම්කරුවන් ආරක්ෂිත බවත් පයිප්ප හරහා ඔවුන්ට ආහාර සහ ජලය සපයන බවත් ගලවාගැනීමේ නිලධාරීන් සඳහන් කරන අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This