WhatsApp පරිශීලකයින්ට විනාඩි 15ක් තුළ යැවූ පණිවුඩයක් සංස්කරණය කිරීමට අවස්ථාවක්

WhatsApp පරිශීලකයින්ට විනාඩි 15ක් තුළ යැවූ පණිවුඩයක් සංස්කරණය කිරීමට අවස්ථාවක්

WhatsApp පරිශීලකයින්ට විනාඩි 15ක් තුළ යැවූ පණිවුඩ සංස්කරණය කිරීමට හැකි බව WhatsApp සමාගම පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම විශේෂාංගය ඉදිරි සතිවලදී WhatsAppහි බිලියන 2ක පරිශීලකයින්ට ලැබෙන බවයි.

WhatsApp භාවිතා කරන්නන් මිලියන 487ක් සමඟ ඉන්දියාව එහි විශාලතම වෙළඳපොල ලෙස නව වාර්තා හඳුනාගෙන තිබෙනවා.

මෙම නව විශේෂාංගය එක් කිරීමෙන් අක්ෂර වින්‍යාසයක් නිවැරදි කිරීමේ සිට පණිවිඩයකට අමතර අංගයක්(emoji) එක් කිරීම දක්වා හැකියාව ලැබෙනවා.

යවන ලද පණිවිඩයක් මත දිගු වේලාවක් ඔබා විනාඩි පහළොවක් දක්වා මෙනුවෙන් ‘Edit’ තෝරා ගැනීම මගින් පණිවුඩය සංස්කරණය කිරීමට හැකි බවයි එම සමාගම නිවේදනය කරන්නේ.

කෙසේ වෙතත් සංස්කරණය කරන ලද පණිවිඩ “සංස්කරණය කළ” ලෙස ටැග් කරන අතර ඒ නිසා අන්තර්ගතය වෙනස් කර ඇති බව ලබන්නන් දැනුවත් වනවා.

Share This