Xi Jinping හමුවීමට සූදානම් වන Joe Biden

Xi Jinping හමුවීමට සූදානම් වන Joe Biden

මෙම වසර අවසානයේදී චීන ජනාධිපති Xi Jinping හමුවීමට අපේක්ෂාවෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති Joe Biden පවසනවා.

එළඹෙන නොවැම්බර් මාසයේ අමෙරිකාවේ පැවැත්වීමට නියමිත ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුවේදී දෙරටේ නායකයන් අතර මෙම හමුව සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙරටේ නායකයන් අතර ප්‍රථම හමුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වුණා.

එහිදී ලොව විශාලම ආර්ථිකය හිමි රටවල් දෙක අතර උද්ගත වී ඇති ගැටලු සහගත තත්ත්වයන් කළමනාකරණය කිරීම පිළිබඳ අවධානය යොමුවූ බව සඳහන්.

Share This