XVI වන බෙනඩික් පාප් වහන්සේගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

XVI වන බෙනඩික් පාප් වහන්සේගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

හිටපු 16 වන බෙනඩික් පාප්තුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට වතිකානුවේදී අවස්ථාව සැළසෙන අතර දස දහස් සංඛ්‍යාත ජනතාව ගෞරව දැක්වීම සඳහා එක්වන බව විදෙස් මාධ්‍ය පවසනවා

අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා උන්වහන්සේ සිය දිවියෙන් සමුගන්නා විට වයස අවුරුදු 95ක් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රහස්පතින්දා (05) පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේ මුලසුන හොබවනු ඇති

වතිකානුව පවසන්නේ මෙම සේවාව සරල, ගාම්භීර වනු ඇති බවයි.

උන්වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ දින තුනක් ප්‍රදර්ශනය කෙරෙන අතර, සෑම සවසකම සවස 7 දක්වා ගෞරව දැක්වීමට අවසර ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

අමුත්තන්ගේ ලැයිස්තුවේ විස්තර නිකුත් කර නොමැති නමුත් ඉතාලියේ සහ බෙනඩික් පාප්තුමා උපන් ජර්මනියේ නියෝජිතයින් එයට ඇතුළත් වන බව වතිකානුව පවසා තිබෙනවා

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හිටපු පාප්තුමාගේ “ජීවිත කාලය පුරා පල්ලියට කැපවීම” අගය කර ඇති අතර ඉතාලි අගමැති ජෝජියා මෙලෝනි ඔහුව “ඉතිහාසය අමතක නොවන ශ්‍රේෂ්ඨ මිනිසෙකු” ලෙස හඳුන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This