අංගොඩ රෝහලේ හෙද හෙදියන් 400කගෙන් පැමිණ ඇත්තේ 40ක් පමණයි

අංගොඩ රෝහලේ හෙද හෙදියන් 400කගෙන් පැමිණ ඇත්තේ 40ක් පමණයි

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ  සේවය  කරන හෙද නිලධාරීන් 400 කගෙන් ඊයේ (08 වැනිදා) සේවයට වාර්තා  කර  තිබුණේ  40  දෙනකු  පමණක්  බව  එහි වැඩබලන අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය පවසනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

මේ වන විට රෝහලේ මානසික රෝගීන් දහසක් ප්‍රතිකාර ලබන බවත් ඇය සඳහන් කර සිටියා.

” මෙතන  රෝගීන්  බොහෝ  දෙනෙකු  ඥාතීන්  ගෙනත්  භාරදෙන්නේ  අසිහියෙන්.  මානසික  සෞඛ්‍ය  ආඥාපනත  යටතේ  තමයි  මේ  රෝගීන්ට  තියාගෙන  ප්‍රතිකාර  කරමින්  රැකබලා   ගන්නේ.

නීතියෙන් අපි බැඳිලා ඉන්නවා  මේ රෝගීන්ව රැකබලා ගන්න. ඒ නිසා මෙහි සේවය කරන සිය ̈ දෙනාට සිය ̈ වගකීම්වලින් මිදෙන්න බැහැ.

මෙම   රෝහලේ   අමාරු   රෝගීන්   ඉන්නවා.   දරුණු   තත්ත්වයේ රෝගීන් ඉන්නවා.

මේ අයව හරියට බලාගන්නේ නැත්නම්  පැනලා  යනවා.  මත්ද්‍රව්‍යවලට  ඇබ්බැහි  වුණු  අය  පැනලා ගිහින් ආයෙමත් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වෙන්න පුළුවන්.

එවැනි තැනක සේවය කරන හෙද නිලධාරීන් මේ වැඩ දමලා ගහලා වර්ජනය කරන කොට රෝහල මොනතරම් අවදානමක වැටෙනවද? මේවා අනුමත කරන්න බැහැ. මේ වගේ තැනක මීට වඩා මානුෂික වෙන්න ඕන “දැන් මෙතන ඉන්න දරුණු රෝගීන්ව පාලනය කරගන්නේ එන්නත්  ලබාදීමෙන්.  ඊට  පස්සේ  ඒ  රෝගියාගේ  තත්ත්වය  නිරීක්‍ෂණය කරන්න ඕන “යනුවෙන්ද වැඩබලන  අධ්‍යක්‍ෂිකා  වෛද්‍ය ධම්මිකා විජේසිංහ  මහත්මිය සඳහන් කරනවා.

Share This