අගමැති කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංචාරයක

අගමැති කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංචාරයක

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය තුළ පිහිටි ව්‍යාපාරික මධ්‍යස්ථානය විවෘත කිරීම සහ තරුණ ව්‍යාපාරික ආයෝජකයින් තිදෙනෙකුට ව්‍යාපාර සහතික ප්‍රදානය කිරීම සිදු කර තිබෙනවා.

එහිදී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ අග්‍රාමාත්‍යවරයා සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳවද කරුණු පැහැදිලි කර ඇති බව සඳහන්.

විශේෂ සංවර්ධන කමිටු රැස්වීමේදී අධ්‍යාපනය, සෞඛ්‍ය, සංවර්ධනය සහ කෘෂිකර්මය ආදී කරුණු පිළිබඳව සොයා බැලීමත් සමඟ උතුරු පළාත සඳහා ව්‍යාපෘති රැසක් ද ඉදිරිපත් කිරීම මෙහිදී විශේෂ වී තිබුණු බවයි වාර්තා වන්නේ.

සංවර්ධන කමිටු රැස්වීමේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, අංගයියන් රාමනාදන්, සිවඥානම් ශ්‍රීධරන්, නියෝජ්‍ය දිස්ත්‍රික් ආණ්ඩුකාර මුරලිදරන්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ උසස් හමුදා නිලධාරීන් සහ රජයේ අනෙකුත් දෙපාර්තමේන්තුවල පළාත් මට්ටමේ උසස් නිලධාරීන් සහභාගී වී තිබෙනවා.

Share This