
අගමැතිනිය ළමා දිනය සොඳුරු කරයි (VIDEO)
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන ඒමට යෝජිත පනත් සංශෝධනය, හිංසනයට එරෙහිව මිස ශික්ෂණයට එරෙහිව නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ඇය මේ අදහස් පළකලේ, අද පැවති ලෝක ළමාදින ජාතික සැමරුම් උත්සවයට එක් වෙමින්.
කාන්තා හා ළමාකටයුතු අමාත්‍යංශය සංවිධාන කළ, ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවය අද පැවැත්වුනේ, කොළඹ අරලියගහ මන්දිරයේදීයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කාන්තා හා ළමාකටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, මැති ඇමතිවරුන්, විදෙස් තානාපති කාර්යාල නිලධාරීන්, පාසල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
වැඩසටහන ආරම්භ කරමින් ප්‍රථම විශේෂාංගය ඉදිරිපත් කලේ ශ්‍රවනාබාධිත දරුවන් පිරිසක් වීමද විශේෂත්වයක්.
ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලයේ එස්.බී.සේනානායක දියණිය විසින් ලෝක ළමාදින ජාතික සැමරුම වෙනුවෙන් නිර්මාණය කල, මුද්දරය මෙහිදී නිල වශයෙන් නිකුත් කිරීමද අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.