
අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුව අද
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (17) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතව තිබෙනවා.
අග්‍රාමාත්‍යවරියගේ පළමු ඉන්දීය නිල සංචාරය අරඹමින් ඊයේ ඇය එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාද හමුවුණා.
එහිදී ආර්ථික සහයෝගීතාව, සම්බන්ධතා ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය සහ අධ්‍යාපනය කෙරෙහි මෙන්ම දෙරට අතර, බහුවිධ හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම ඉන්දියාවේ මෝල්ටා මහකොමසාරිස් රූබන් ගවුසි සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් ද සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් රූබන් ගවුසි සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ නොවැම්බර් මස අග සිට දෙසැම්බර් මස මුල දක්වා කොළඹදී දකුණු ආසියානු සමුළුවක් පැවැත්වීමට සූදානම් බව ඇයට දැනුම් දුන් බවයි.
මේ අතර, ඉන්දියාවේ ග්වාතමාලා තානාපති ඕමාර් කැස්ටර් නීඩා සොලරෙස් ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමුවීම සම්බන්ධයෙන් තම එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට ලැබීම මහත් ගෞරවයක් බවත්, දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඒ තුළින් බලාපොරොත්තු වන බවයි.