අග්‍රාමාත්‍යවරිය දීපාවලි දිනයට ශුභාශිංසන එක්කරයි

අග්‍රාමාත්‍යවරිය දීපාවලි දිනයට ශුභාශිංසන එක්කරයි

දීපාවලි උත්සවය සමරන ලෝකවාසි හා විශේෂයෙන් ම ලංකාවාසි සියලු හින්දු භක්තිකයන් වෙත ශුභාශිංසන එක් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සුබ පැතුම් පනිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ දීපාවලි උත්සවය තුළින් අඳුර නසා ආලෝකයේ උදාව සිදුවීම සංඛේතවත් කරන අතර අද වන විට ශ්‍රී ලංකාව සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින බවයි.

දීර්ඝකාලීන ආර්ථික සහ සමාජීය වශයෙන් ඇති ව තිබූ අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීම අරඹයා, ජනතාව විසින් නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින අවදියක් ලෙස මෙකී කාල පරාසය හැඳින්විය හැකි බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ දීපවාලී සුබපැතුම් පනිවිඩයේ සඳහන්.

ජනතාවගේ ප්‍රගමනය සහ නව යුගයක ඇරඹුම ඒකාබද්ධ ප්‍රයත්නයක් තුළින් අරඹා ඇතැයි පවසන ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙවර දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි ප්‍රාර්ථනය කරනවා.

අප සියලු දෙනා සංස්කෘතික බහුවිධතාවයේ වටිනාකම් ගැන අවධානය යොමු කොට ගෞරවය, පිළිගැනීම සහ සහෝදරත්වයෙන් යුතුව අත්වැල් බැඳගනිමු හැයි මෙහිදී අහ්‍රාමාත්‍යවරිය දීපවාලී සුබපැතුම් පනිවිඩයෙන් ඉල්ලා සිටිනවා.

 

 

Share This