
අඟුණුකොළපැලැස්ස ගම් වදින වන අලි ගැටලුවට ජනතාව විසදුම් ඉල්ලයි
හම්බන්තොට දිස්ත්රික්කයේ අඟුණුකොළපෑලැස්ස හා හුංගම ආදී ප්රදේශවලට පසුගිය දින කිහිපය තුල වන අලි කිහිප වරක් පැමිණීම නිසා ප්රදේශවාසීන් දැඩි ජීවිත අවදානමකට මුහුණ දී සිටිනවා.
අප වාර්තාකරු පැවසුවේ එම ප්රදේශ ආශ්රිතව මේ වනවිට පුද්ගලයින් තිදෙනකුට වන අලි පහරදී තිබූ අතර ඊයේ දිනයේදී ද තරුණයෙකුට පහරදී රෝහල් ගත කර ඇති බවයි.
පසුගිය දාහත් වෙනි දින අඟුණුකොළපෑලැස්ස ජදුර ප්රදේශයට ඇතෙකු සහ අලියකු පැමිණ ඇති අතර මෙම සත්වයින් දෙදෙනා මේ දක්වා කසාගල, විතාරන්දෙනිය, අගුල්මඩුව , බෙලිඅත්ත නගරය ද පසුකර මාතර දිස්ත්රික්කයේ ආසන්නයටම පැමිණ සිටි බවයි.
එම වන අලින් නැවතත් ඊයේ දිනයේ ආපසු අඟුණුකොළපෑලැස්ස දක්වා ගමන් කර ඇති අතර ඊයේ (22) රාත්රී කාලයේ වනජීවී නිලධාරින් එම වන අලින් පලවා හැරීමට කටයුතු කර තිබෙනවා.
මෙම වන අලි ගම් වැදීම ප්රදේශ ආශ්රිත ජන ජීවිතයට තර්ජනයක් වී තිබෙනවා.
ළමුන් පාසල් යැවීම මෙනම වගා කටයුතු සඳහා යාම ද ප්රදේශවාසීන්ට කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ප්රදේශයේ ජනතාව පෙන්වා දෙනවා.