අටුලුගම දැරියගේ ඝාතනයට කීර කොටුවක අයෙක් සැකපිට පොලිස් භාරයට

අටුලුගම දැරියගේ ඝාතනයට කීර කොටුවක අයෙක් සැකපිට පොලිස් භාරයට

බණ්ඩාරගම අටුලුගම 9 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටු කරන පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

එම පුද්ගලයාගේ ශරීරයේ ස්ථාන කීපයකම සීරීම් තුවාල දක්නට තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කර තිබෙනවා.

සැකකරු පදිංචි නිවසේ ඇද යට සඟවා තිබූ මඩ තැවරුණු සරමක් ද පොලිසිය භාරයට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ

සැකපිට අත්අඩංගුවට ගත් එම පුද්ගලයා දැරිය අතුරුදන් වූ දිනයේ පෙරවරු 10:15 ට පමණ දැරිය ගමන් ගත් මාර්ගයේ ඔහුගේ කීරකොටුව ඉදිරිපිට මුල්ලුවක් අත දරාගෙන සිට බවට තොරතුරු ලැබී තිබෙන බවද එම නිලධාරියා සඳහන් කරනවා

ඝාතනයට ලක්වූ දැරියගේ මළ සිරුර ද හමු වූයේ සැකකරු කිරකොටුවට යාබදව තිබෙන ලදු කැලෑ වේ මඩ ගොහොරුවේ තිබියදී බවයි පැවසෙන්නේ

පොලිස් භාරයට ගෙන තිබෙන සැකකරු මීට පෙර ද මවක් හා දියණියක් සිටින නිවසකට රාත්‍රී කාලයේ දී ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයකු බවත් ඒ සම්බන්ධයෙන් මීට මාස කීපයකට ඉහත දී බණ්ඩාරගම පොලීසියට ද පැමිණිලි ලැබී තිබෙන බවද එම නිලධාරියා සඳහන් කර තිබෙනවා

Share This