අඩි 400ක නළ ළිඳට වැටුණු ඉන්දීය දරුවා මියයයි
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයක අඩි 400ක් ගැඹුරු නළ ළිඳකට වැටී එහි අඩි 55ක සීමාවේ සිරව සිටි 8 හැවිරිදි පිරිමි දරුවා මිය ගොස් තිබෙනවා.
සිදුකළ මෙහෙයුම්වලින් අනතුරුව දරුවා එම ළිඳෙන් පිටතට ගැනීමෙන් පසුවයි මෙලෙස ඔහු මියගොස් තිබුණේ.
දරුවා නළ ළිඳට වැටී පැයක් තුළ මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ ද දින හතරක් පමණ යන තුරු ඔහුව පිටතට ගැනීමට හැකිව තිබුණේ නැහැ.