අඩියක් වැටුණු ඉලොන් මස්ක් යළිත් වාර්තාව අලුත් කරයි

අඩියක් වැටුණු ඉලොන් මස්ක් යළිත් වාර්තාව අලුත් කරයි

ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර පළමු ස්ථානය යළිත් තමා සතු කර ගැනීමට ඉලොන් මස්ක් (Elon Musk) සමත් වී තිබෙනවා

ඒ අනුව ඔහුගේ මුළු වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 187.1 ක් බව සඳහන්.

බ්ලූම්බර්ග් වෙබ් අඩවියට පෙන්වා දෙන්නේ ටෙස්ලා සමාගමේ කොටස් සියයට 100 කින් ඉහළ ගොස් ඇති අතර ආයෝජකයින්ගේ ඉල්ලුම වැඩි වීම ඊට බලපා ඇති බවයි

කෙසේ වෙතත් ප්‍රංශ සුඛෝපභෝගී සන්නාමය වන Louis Vuitton හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රකෝටිපතියෙකු වන බර්නාඩ් ආර්නොල්ඩ් (Bernard Arnault) ඉලොන් මස්ක්ගෙන් පසු එම ස්ථානයේ රැදී සිටි අතර ඔහුගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 186 ක් වනවා.

එමෙන්ම පසුගිය 2021 නොවැම්බර් සහ 2022 දෙසැම්බර් අතර කාලය තුල ඉලොන් මස්ක්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 200 කට වඩා පහත වැටී තිබුණා.

Share This