අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

ජාතික පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව 6 ශ්‍රේණිය හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පවතින පුරප්පාඩු සඳහා සිසුන් තෝරාගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇති.

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිදුන් ඇතුළත් කිරීම සඳහා මින් ඉදිරියට ලිපි නිකුත් කිරීමක් සිදු නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

Share This