
අත්අඩංගුවට ගත් තුසිත හල්ලොලුව රිමාන්ඩ්
වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතායි.