අත්අඩංගුවට නොගන්නැයි ඇෆ්ගනිස්තානයෙන් ඉල්ලීමක්

අත්අඩංගුවට නොගන්නැයි ඇෆ්ගනිස්තානයෙන් ඉල්ලීමක්

පකිස්ථානයේ පදිංචි වී සිටින ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නතර කරන්නැයි ඇෆ්ගනිස්තානය පකිස්තානයෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ඇෆ්ගනිස්තාන තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන සර්දාර් අහමබඩ් ශකීබ් එම ඉල්ලීම සිදුකර ඇති බවයි.

වැසියන් 1050 ක් සිරමැදිරි තුළ රඳවා සිටින බවත්, ඔවුන් නිදහස් කර ගැනීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් සර්දාර් අහමඩ් ශකීබ් පවසනවා.

එමෙන්ම ඇෆ්ගනිස්ථාන වැසියන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන ලෙස ද ඔහු ඉල්ලිමක් කර තිබෙනවා.

පකිස්ථානයේ සිරමැදිරි තුළ රඳවා සිටින ඇෆ්ගනිස්ථාන රැඳවියන්ගේ තත්ත්වය ඛේදජනක බව ඥාතීන් සඳහන් කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර ජාත්‍යන්තර සම්මුතියට අනුව පකිස්ථානය සිය අත්අඩංගුවේ පසුවන ඇෆ්ගන් වැසියන් වහා නිදහස් කළ යුතු බවත්, සරණාගතයින් අත්අඩංගුවට ගැනීමට කිසිදු රටකට අයිතියක් නොමැති බවත් සරණාගතයින්ගේ අයිතීන් උදෙසා වන ක්‍රියාකාරීන් ද පවසනවා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගැනීමත් සමග ඇෆ්ගනිස්තාන වැසියන් දහස් ගණනක් සරණාගතයින් ලෙස අසල්වැසි රටවලට පළා ගියා.

ඉන් බොහෝ පිරිසක් කාන්තාවන් හා දරුවන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

Share This