‘අත්‍යවශ්‍ය බඩු රැස් කරගන්න’ හමුදාපතිගෙන් ප්‍රකාශයක්

‘අත්‍යවශ්‍ය බඩු රැස් කරගන්න’ හමුදාපතිගෙන් ප්‍රකාශයක්

ඉදිරි දින කිහිපය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දී තිබෙනවා.

අද (20) ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනේදී ජාතික පුවත්පතක් උපුටා දක්වමින් මේ බව අනාවරණය කෙරුණා.

ඒ අනුව 21 වැනිදා සිට සංචරණ සීමා පැන වෙන බව වේලාසන දැනුම් දුන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීම සඳහා බවයි හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ.

සංචරණ සීමා පැන වූ විට කිසිවෙකුට මං මාවත්වල ගමන් කිරීම ආදී කටයුතු සිදු කිරීමට ඉඩ නොලැබෙන අතර දීර්ඝ කාලයක් සංචරණ සීමා පැනවීමෙන් පවතින රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ වලට රුකුලක් ලැබෙන බවද එහි සඳහන්.

Share This