අතුරුදන් වූ ජපාන හමුදා හෙලිකොප්ටර් යානය මුහුදට වැටී ඇති බවට සැක

අතුරුදන් වූ ජපාන හමුදා හෙලිකොප්ටර් යානය මුහුදට වැටී ඇති බවට සැක

පුද්ගලයින් 10 දෙනෙකු සහිතව අතුරුදන්ව තිබූ ජපාන හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් Okinawa මුහුදු ප්‍රදේශයට කඩා වැටෙන්නට ඇති බවට එරට බලධාරීන් සැක පළ කරනවා.

ජපාන ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි සහ ගලවාගැනීමේ මෙහෙයුම අතරතුර දී එම යානයේ සුන්බුන් කිහිපයක් මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් තවදුරටත් අතුරුදන් ව ඇති හෙලිකොප්ටර් යානය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.

“Black Hawk” ලෙස හැඳින්වෙන UH60 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එරට Miyako දුපත ආසන්නයේ දී පසුගියදා රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වී තිබුණා.

Share This