අතුරුදන් වූ නේපාල ගුවන් යානයේ සිටි 14 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ
පුද්ගලයන් 22ක් සමග අතුරුදන් වූ ගුවන් යානය කඩා වැටුණු ස්ථානය කඩා වැටුණු ස්ථානය මේ වනවිට සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
නේපාල ගුවන් සේවයට අයත් යානයේ සුන්බුන් උතුරු නේපාලයේ මස්ටෑන්ග් දිස්ත්‍රික්කයෙන් සොයා ගත් බවයි එරට හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙන්නේ
මෙම මගී ගුවන් යානය විනාඩි 20ක ගුවන් ගමනක යෙදී සිටියදී ගොඩබෑමට මිනිත්තු පහකට පෙර ගුවන් පාලක මැදිරිය සමග තිබු සම්බන්ධතා නැතිව ගොස් තිබුණා
අනතුරින් දිවි ගලවා ගත් අය සිටීදැයි තවමත් නොදන්නා බවත් 14 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු, ජර්මානු ජාතිකයින් දෙදෙනෙකු සහ නේපාල ජාතිකයින් 16 දෙනෙකු ගුවන් යානයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.
අයහපත් කාලගුණය සහ කඳුකර ප්‍රදේශ හේතුවෙන් සෝදිසි මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බවද සඳහන් වනවා