අතුරුදන් වූ යාත්‍රාවේ සිටි සංක්‍රමණිකන් 86ක් බේරා ගැනේ

අතුරුදන් වූ යාත්‍රාවේ සිටි සංක්‍රමණිකන් 86ක් බේරා ගැනේ

සතියකට වැඩි කාලයකට පෙර අතුරුදන් වූ සංක්‍රමණික යාත්‍රාවක සිටි පුද්ගලයින් 86 දෙනෙකු බේරා ගැනීමට ස්පාඤ්ඤ වෙරළාරක්ෂක නිලධාරීන් සමත් වී තිබෙනවා

මෙම යාත්‍රාව කැනරි දූපත් වලට නිරිත දෙසින් නාවික සැතපුම් 70ක් දුරින් තිබී ඇති අතර අප්‍රිකාවේ සිට මිනිසුන් රැගෙන යමින් සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

බේරාගත් පිරිස අතර පිරිමින් 80 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු සිටින අතර යාත්‍රාවේ සිටි සියලු දෙනා බේරාගෙන තිබේද යන්න පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

තවත් පුද්ගලයන් පිරිසක් රැගත් බෝට්ටු දෙකක් තවමත් අතුරුදන්ව ඇති අතර එක් බෝට්ටුවක පුද්ගලයන් 65ක් පමණ සිටි බවත් අනෙක් බෝට්ටුවේ 60ක් පමණ සිටි බවටත් විශ්වාස කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This