අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ පවතින ඔක්සිජන් ප්‍රමාණවත් ද ?

අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ පවතින ඔක්සිජන් ප්‍රමාණවත් ද ?

පුද්ගලයින් පස් දෙනෙකු සමග අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ පැය 30 කට අඩු කාලයක් සඳහා ඔක්සිජන් ඉතිරිව තිබෙන බවට විශ්වාස කරන බව එරට නිලධාරීන් සඳහන් කර තිබෙනවා

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුම් කටයුතු සඳහා ජාත්‍යන්තර ගුවන් යානා සහ ගැඹුරු මුහුදේ යාත්‍රා එක් කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම එක්සත් ජනපද වෙරළාරක්ෂක අණදෙන නිලධාරීන් විසින් වර්ග කි.මී. 20,000කට ආසන්න ප්‍රදේශයක් පුරා සෝදිසි මෙහෙයුම දිගටම කරගෙන යන බවයි වාර්තා වන්නේ

කැනඩාවේ නාවික හමුදාව, ගුවන් හමුදාව සහ වෙරළාරක්ෂක කණ්ඩායම් මෙන්ම නිව්යෝර්ක් ගුවන් ජාතික ආරක්ෂක භටයින් ද ගලවා ගැනීමේ කණ්ඩායම් සහය දක්වන අතර ප්‍රංශ පර්යේෂණ යාත්‍රාවක් ද සෝදිසි මෙහෙයුමට එක්ව තිබෙනවා

කැනේඩියානු ගුවන් හමුදාවේ ගුවන් යානයක් දැනටමත් ප්‍රදේශයේ මතුපිට සෝදිසි මෙහෙයුම් සඳහා සහාය ලබා දී ඇති අතර පැය ගණනාවක් පුරා සිදුකරන මෙහෙයුම්වලින් කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් නොලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

බ්‍රිතාන්‍ය-පාකිස්ථාන ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන්, බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හා ගවේෂක හමිෂ් හාඩින්ද ,හිටපු ප්‍රංශ නාවික හමුදා කිමිදුම්කරුවෙකු වන Paul-Henry Nargeolet ද OceanGate හි ප්‍රධාන විධායක Stockton Rush ද මෙම අතුරුදන්වූ සබ්මැරීනය තුළ සිටින බව විදෙස් මාධ්‍ය මීට පෙර තහවුරු කරනු ලැබුවා

ඉරිදා (19) දිනයේ මෙම සංචාරක සබ්මැරීනය ගමන් ආරම්භ කිරීමෙන් පැයකුත් විනාඩි 45ක් පමණ යන විට සම්බන්ධතා නැතිව ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

Share This