අතුරුදන් වූ සබ්මැරීනයේ සිටින ප්‍රංශ නාවික හමුදාවේ කිමිදුම්කරුවෙක් නිසා වැඩි බලාපොරොත්තුවක්

අතුරුදන් වූ සබ්මැරීනයේ සිටින ප්‍රංශ නාවික හමුදාවේ කිමිදුම්කරුවෙක් නිසා වැඩි බලාපොරොත්තුවක්

අතුරුදන් වූ සබ්මැරීනයේ විශ්‍රාමික ප්‍රංශ නාවික හමුදාවේ කිමිදුම්කරුවෙක් වන Paul-Henri Nargeolet සිටීම හේතුවෙන් යාත්‍රාව සොයාගැනීම පිළිබඳව වැඩි විශ්වාසයක් පවතින බව ඕස්ට්‍රේලියාවේ සබ්මැරීන සෙවීමේ සහ ගලවා ගැනීමේ විශේෂඥයෙකු වන ෆ්‍රෑන්ක් ඕවන් බිබිසි පුවත් සේවයට අදහස් දක්වමින් පවසා තිබෙනවා

සබ්මැරීනය අතුරුදන් වූ ස්ථානයට ආසන්න ප්‍රදේශයෙන් “සැක සහිත ශබ්ද” ඇසීම පිළිබඳව දැනගත් විට අතුරුදන්වූවන් සොයා ගැනීම පිළිබඳව විශ්වාසය ඉහළ ගිය බවයි ෆ්‍රෑන්ක් ඕවන් පවසන්නේ

Paul-Henri Nargeolet විසින් ඔවුන් සොයන හමුදාවන්ට අනතුරු ඇඟවීමට උත්සාහ කරනු ඇති බවද ෆ්‍රෑන්ක් ඕවන් සඳහන් කර තිබෙනවා

සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සයිමන් බොක්සාල් ද බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ දිය යටින් ඇසෙන ඝෝෂාවන් යාත්‍රාවේ සිටි අය තවමත් ජීවතුන් අතර සිටින බවට බලාපොරොත්තුවක් ඇති කරන බවයි.

Share This