අතුරුදන්වූ සයදරු අම්මාගේ සිරුර මහවැලි ගඟේ පාවේ

අතුරුදන්වූ සයදරු අම්මාගේ සිරුර මහවැලි ගඟේ පාවේ

නිවෙසින් අතුරුදන්ව සිටි සයදරු මවකගේ සිරුරක් මහවැලි ගඟේ පාවෙමින් තිබියදී ගොඩගත් බව නාවලපිටිය පොලිසිය සඳහන් කරන බව පුවත්පතක සඳහන් කර තිබෙනවා

මහවැලි ගඟේ පාවෙමින් තිබියදී මෙසේ ගොඩගනු ලැබුවේ නාවලපිටිය ඩේලි පාරේ පදිංචි අවුරුදු 84ක් වියැති සයදරු මවකගේ සිරුරක්

පසුගිය 10 දින සිට නිවෙසේ සිටි තම මව අතුරුදන් වී ඇති බවට මියගිය කාන්තාවගේ දියණියක් විසින් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා

මහවැලි ගඟේ නාවලපිටිය, පත්තුනුපිටිය වැලි එක ස්ථානයේ කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරක් මත නාවලපිටිය පොලිසිය විසින් සිරුර ගොඩගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථාන පරීක්‍ෂාව සිදුකළ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නාවලපිටිය පොලිසියට නියෝග කර සිටියේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.

Share This