අද LPL තරඟ බිමට පිවිසෙන කණ්ඩායම්

අද LPL තරඟ බිමට පිවිසෙන කණ්ඩායම්

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන තරඟය අද (10) තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings සහ Colombo Strikers කණ්ඩායම් අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම එහි 14 වන තරඟය ද Kandy Falcons සහ Galle Marvels කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර තරඟය පස්වරු 7.30ට ආරම්භ වනවා.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ද ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිවනවා

Share This