අද Mickey Mouse රසිකයන්ට සතුටු හිතෙන දවසක්

අද Mickey Mouse රසිකයන්ට සතුටු හිතෙන දවසක්

Mickey Mouse දිනය සෑම වසරකම නොවැම්බර් 18 දින සමරනු ලබනවා.

මෙම දිනය 1928 නොවැම්බර් 18 වන දින සිය මංගල දර්ශනය ආරම්භ කළ සැමට සතුට ගෙන එන සහ වික්‍රමාන්විත කාටූන් චරිතයක් වන Mickey Mouse නිර්මාණය සැමරීමට දිනයක් වෙන්කර තිබීම සුවිශේෂී කරුණක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඒ අනුව 2023 වසරේදී Mickey Mouseගේ 95 වන උපන්දිනය සමරනු ලබනවා.

සජීවීකරණය කළ නොහොත් Animated කාටුන් චරිතයක් වුවත්, Mickey Mouse වසර ගණනාවක් පුරා The Walt Disney සමාගමේ සංකේතයක් වී සිටිනවා.

Mickey Mouse යනු සෑම කාලයකම වඩාත්ම ප්‍රසිද්ධ හා කීර්තිමත් වූ ප්‍රබන්ධ චරිතයක්.

කෙසේ වෙතත්, Mickey Mouse නිර්මාතෘ The Walt Disney පවසන්නේ Mickey සඳහා මුල් නම වූයේ Mortimer බවයි.

1946 ජිමී මැක්ඩොනල්ඩ් එම භූමිකාව භාර ගන්නා තෙක් වෝල්ට් ඩිස්නි විසින්ම මිකීට හඬ නැඟුවේය.

Mickey ගේ මංගල චිත්‍රපටය ‘Steamboat Willie’ සංගීතය සහ ශබ්ද ප්‍රයෝග ඇතුළත් කර නිර්මාණය කරන ලද පළමු සජීවිකරණ චිත්‍රපටයද වනවා.

The Mickey Mouse Club ප්‍රථම වරට ආරම්භ වූයේ 1955 ඔක්තෝබර් 3 වනදා වන අතර ප්‍රසිද්ධ ගායකයෙකු වන Justin Timberlake’s වෘත්තීය ජීවිතයද ආරම්භ කර ඇත්තේ මෙම වැඩසටහනෙන් වීමද විශේෂත්වයක්.

Hollywood Walk of Fame හි තරුවක් හිමිකරගත් පළමු කාටූන් චරිතය වීමටද Mickey Mouse සමත් වුණා.

Share This