අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි දැනට ක්‍රියාත්මක විදුලි ගාස්තුව 20% කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව එම කොමිසම සඳහන් කළේ ගෘහස්ථව 20% කින් මෙන්ම පොදු වාණිජ කාණ්ඩය යටතේ 12% කින්, රාජ්‍ය අංශය සඳහා 11% කින් විදුලි බිල අඩු කිරීමට තීරණය කළ බවයි.
ඊට අමතරව හෝටල් ක්ෂේත්රය සඳහා 31% විදුලි සහනයක් මෙන්ම කර්මාන්ත ක්ෂේත්රය සඳහා 30% විදුලි සහනයක් ද ආගමික අංශය සඳහා 21% විදුලි සහනයක් ලබාදීමට මහජන උපයෝගිතා කොමිස තීරණය කර තිබෙනවා.