‘අද සිට තවත් සති දෙකක් රට වහන්න ‘ – ජනපතිට ලිඛිතව දැනුම් දෙයි
පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇති බව ‘ස්වර්ණවාහිනී පත්තරේ ‘ වැඩසටහනින් අනාවරණය වුණා.
දිනපතා වාර්තාවන ආසාදිත සංඛ්‍යාව ඉහළ යෑම හා කොවිඞ් මරණ සංඛ්‍යාවද සැලකිල්ලට ගනිමින් එම සංගමය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබෙනවා.