අදට යෙදෙන ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය

අදට යෙදෙන ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය

ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අදට (15) යෙදී තිබෙනවා.

සෑම වසරකම ජුනි 15 වන දිනය ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙසයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2011 වසරේ දී ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඒ, වැඩිහිටියන් අත්විඳින අපයෝජනයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.

වැඩිහිටියන් අත්විඳින අපයෝජන, ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත වැඩිහිටි පුද්ගලයින්ගේ සෞඛ්‍ය හා මානව හිමිකම් කෙරෙහි බලපාන ගෝලීය සමාජ ප්‍රශ්නයක් බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.

කැපුම් හා තුවාල, මන්දපෝෂණය, දුර්වල සනීපාරක්ෂාව, ව්‍යාකූලත්වය සහ කාංසාව සහ හුදකලා වීම වැඩිහිටි ප්‍රජාව නිරන්තරයෙන් මුහුණ දෙන ගැටළු බව සඳහන්.

ඒ අනුව මෙය ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානයට ලක්විය යුතු ගැටළුවක් බව පෙන්වාදෙන මහා මණ්ඩලය සමාජයේ වැඩිහිටි පුද්ගලයින් අපයෝජනය වීම් වැළැක්වීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි සඳහන් කරන්නේ.

එමෙන්ම වැඩිහිටි නිවාස ආශ්‍රිතව ආයතනික නොසලකා හැරීම් සහ අපයෝජනයන් ද සිදුව ඇති බවට ලොව පුරා රටවලින් වාර්තා වී ඇති බව ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.

Share This