
අදත් පළාත් කිහිපයක වැසි – නාය යාම් අනතුරු ඇගවීමත් නිකුත් වේ
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන
වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවටයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එඅම නිවේදනයේ සදහන්.
මේ අතර නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ද නිකුත් කර තිබෙනවා.
අද 19 පෙ.ව. 10.00 සිට හෙට පෙ.ව. 10.00 දක්වා අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ.
කොළඹ දිස්ත්‍රික්කය:
– සීතාවක
කළුතර දිස්ත්‍රික්කය:
– ඉංගිරිය
– හොරණ
කෑගල්ල දිස්ත්‍රික්කය:
– දෙහිඹ්විට
නුවර එළිය දිස්ත්‍රික්කය:
– කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය:
– රත්නපුර