
අදත් සමහර තැන්වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
ඒ අනුව උතුර, උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
එමෙන්ම බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මෙලෙස සක්‍රීය වී ඇති ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේ චකුණු පළාතේ ප්‍රදේශ රැසකටම තරමක තද වැසි පතිත වුණා.
ඒ අනුව පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී තිබුණේ අකුරැස්ස ප්‍රදේශයෙන්.
