අදානි සමාගම කලකිරීමෙන් ලු

අදානි සමාගම කලකිරීමෙන් ලු

මන්නාරම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු ඊයේ එම තනතුරෙන් ඉල්ලා අස්වූ පසුබිමක ඉන්දියාවේ අදානි සමාගම කලකිරීමෙන් පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කෝප් කමිටුව හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදීම සඳහා බලපෑම් එල්ල වූ බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් මෙලෙස චෝදනා එල්ල වීම පිළිබඳව තම සමාගම කල කිරීමෙන් පසුවන බවත්, අදාළ ගැටලුව මේ වනවිටත් ලක් රජය විසින් අවදානයට ලක් කර ඇති බවත් අදානි සමූහයේ ප්‍රකාශකයා එන්.ඩී.ටී.වී පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

Share This