අදින් අවසන් වන ඔලිම්පික්

අදින් අවසන් වන ඔලිම්පික්

මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ අදින් (11) අවසන් වනවා.

පසුගිය ජූලි මස 26 වනදා ආරම්භ වූ මෙවර ඔලිම්පික් උලෙළ දින 15කට අධික කාලයක් පැවැත්වුණා.

ක්‍රීඩා 32කට අදාළව තරග 329ක් එහිදී පැවති අතර ඊට ක්‍රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වූ බව සඳහන්.

මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව ඇති අතර ඔවුන් රන් පදක්කම් 39ක් හිමිකරගෙන තිබෙනවා.

අමෙරිකාව රන් පදක්කම් 38ක් හිමිකර ගනිමින් රන් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේත් ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 18ක් හිමිකර ගනිමින් තෙවන ස්ථානයේත් පසුවනවා.

Share This