අධ්‍යාපනය ඩිජිටල්කරණයට TikTok සහාය

අධ්‍යාපනය ඩිජිටල්කරණයට TikTok සහාය

විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව පැහැදිළි කිරීමට TikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් ඊයේ (16) අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා මුණගැසී සාකච්ඡා කළා.

ඒ අධ්‍යාපන අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබා දීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කම මෙන්ම ඩිජිටල් තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ Tik Tok හරහා ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම මෙහිදී Tik Tok නියෝජිතයින් පෙන්වා දී තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සමඟ මෙවැනි සහයෝගිතාවන් අගය කර ඇති අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට දකුණු ආසියාවේ TikTok සමාගමෙහි රාජ්‍ය සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ මහජන කටයුතු ප්‍රධානී Ferdous Al Mottakin, ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.

 

 

Share This