අධික උණුසුම් කාලගුණයෙන් ඉන්දියාවේ සංවර්ධනයට බාධා

අධික උණුසුම් කාලගුණයෙන් ඉන්දියාවේ සංවර්ධනයට බාධා

අධික උණුසුම් කාලගුණය හමුවේ ඉන්දියාවේ සංවර්ධනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යනයකින් අනාවරණය වී තිබෙනවා

මෙම තත්ත්වය ඉන්දියාවේ සෞඛ්‍ය සහ ආර්ථික වර්ධන වේගයට ද බලපා ඇති බවයි එම අධ්‍යනයේදී හෙළිව ඇත්තේ.

එමෙන්ම විදුලිය ඇනහිටීම්, දූවිලි හා වායු දූෂණය වැඩි වීම සහ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ග්ලැසියර දියවීම වේගවත් වී ඇති බව ද කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඊයේ (19) PLOS Climate සඟරාවට ප්‍රකාශ කර තිබෙනවා.

1992 වසරේ සිට ඉන්දියාවේ තාප තරංග හේතුවෙන් පුද්ගලයින් 24,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ද එම අධ්‍යයනය මගින් අනාවරණය වී තිබෙනවා

මේ හේතුවෙන් අඩු ආදායම්ලාභී ශ්‍රම බලකාය දැඩි පීඩාවකට පත්ව ඇති අතර රටේ 90% කට වඩා වැඩි ප්‍රමාණයකට අධික උණුසුම් කාලගුණය මගින් දැඩි ලෙස බලපෑම් සිදුව බව සඳහන්

2050 වන විට මේ හේතුවෙන් දිවා කාලයේ එළිමහනේ වැඩ කිරීමේ ධාරිතාවයේ 15% අඩුවීමක් සිදු වනු ඇති බවයි එම අධ්‍යනය මගින් නිගමනය කර ඇත්තේ

Share This