
අධික වර්ෂාවත් සමග රාජාංගනය සහ අංගමුව ජලාශවල වාන්දොරටු හරී
දිස්ත්රික් කීපයක පවතින අධික වර්ෂාව හේතු කොටගෙන රජාංගනය හා අංගමු ජලාශවල මේ වන විට වාන් දමමින් පවතින බව වාර්තා වනවා.
රජාංගනය ජලාශයේ වාන් දොරටු තිහෙන් මේ වන විට වාන් දොරටු හතරක් විවෘත කොට ඇති අතර එයින් තත්පරයට ගණ අඩි 1112 ජල තාරිතාවක් කලාඔයට මුදාහැරෙනවා.
එමෙන්ම අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කර ඇති අතර එයින් තත්පරයට ඝන අඩි 624 ක ජලතාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
