අධික වැසි තත්ත්වය තවත් දින කිහිපයක් – කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි (වීඩියෝ)
මේ වන විට දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගූණ තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් ඇති වී තිබෙනවා.
රජ රට වැව් කිහිපයක වාන් දොරටු ද අද (10) පෙරවරුවේ සිට විවෘත කෙරුණා.
දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් ලබන 14 වන දින දක්වා පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
බස්නාහිර පළාත ඇතුළු පළාත් රැසකටම මිලිමීටර් 100 කට අධික තද වැසි ඇද හැලෙමින් පවතිනවා.
ඊයේ රාත්‍රීයේ සහ අද උදෑසන සිට කොළඹ දිස්ත්‍රික්කයට ඇද හැලූණු දැඩි වර්ෂාව සමඟ කොළඹ ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා.
මේ හේතුවෙන් රථ වාහන ධාවනයට ද බාධා එල්ල වී වුණා.