අධිකරණ නියෝගයෙන් දිනකට පසු ඉම්රාන් ඛාන්ට නිදහස

අධිකරණ නියෝගයෙන් දිනකට පසු ඉම්රාන් ඛාන්ට නිදහස

දූෂණ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් දිනකට පසු අත්අඩංගුවේ සිටි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ හිටපු අග්‍රාමාත්‍යවරයා ආරක්ෂිත ඇප මත මුදා හැර ඇති අතර ඔහු අවම වශයෙන් සති දෙකකටවත් නැවත අත්අඩංගුවට ගත නොහැකි බවයි

කෙසේ වෙතත් තමා නිදහස් වූ වහා යළි රඳවා ගනු ඇතැයි විශ්වාස කරන බවටයි ඉම්රාන් ඛාන් මීට පෙර පවසා තිබුණේ

පසුගිය අඟහරුවාදා ඉස්ලාමාබාද් අගනුවර උසාවි භූමියේ දී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව
රට පුරා ඇති වූ නොසන්සුන්තා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගිය අතර 2,000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Share This