
අධිකරණය විශ්වාසයි – සත්‍ය ජයගන්නවා -නාමල්ගෙන් නිවේදනයක්
කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක් නිකුත් කරමින් සිය අදහස ප්‍රකාශ කර තිබෙනවා.
මෙම නඩුව හරහා ප්‍රදර්ශනය කෙරෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය වන අතර සත්‍ය ඉක්මණින් ජයගනු ඇති බවයි නාමල් රාජපක්ෂ මහතා සිය X පණිවිඩයෙන් සඳහන් කරන්නේ.
‘ක්‍රිෂ් සමාගම සම්බන්ධ නඩුව සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා චෝදනා පත්‍රයක් ගොනු කර ඇති බව තමා මාධ්‍යවලින් දැනගත් අතර යහපාලන ආණ්ඩුව සමයේ, මෙම කාරණය මුලින් විමර්ශනය කළ විට, මෙම කාරණය ගරු නීතිපතිවරයා වෙත යොමුකරන ලද්දේ වසර 8 කට පෙර බව ඔහු පෙන්වාදෙනවා.
වත්මන් ආණ්ඩුව යටතේ වසර 8 කට පසු අද අධිචෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව සඳහන් කරන නාමල් රාජපක්ෂ මහතා, වත්මන් ආණ්ඩුව රාජපක්ෂ පවුලට එරෙහිව දේශපාලන දඩයමක් දියත්කර ඇති බව පැහැදිලි වන බවයි පවසන්නේ.
තමා අධිකරණය කෙරෙහි විශ්වාසයෙන් සිටින අතර යුක්තිය ජය ගනු ඇතැයි විශ්වාස කරන බව මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.