අධිකරණයට ඉදිරිපත් වූ සජින් වාස්ට ඇප

අධිකරණයට ඉදිරිපත් වූ සජින් වාස්ට ඇප

රුපියල් ලක්ෂ 369 අධික ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් 2023 වර්ෂයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අද (26) දින අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වරෙන්තු ආපසු කැඳවනු ලැබුවා.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සිද්ධියට අදාළ සැකකරු රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප හතරක් සහ ලක්ෂයක බැගින් වූ මුදල් ඇපයක් මත මුදා හැරීමටයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන පසුගිය 23 වන දින අධිකරණයේ පෙනී නොසිටීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය වරෙන්තු නිකුත් කළා.

වගඋත්තකරුට සිතාසි භාරදී ඇති මුත් අධිකරණයේ පෙනී සිට නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙර නඩු දිනයේදී අධිකරණයට දැනුම් දී තිබුණා.

ව්‍යාපාරිකයෙකු වූ වාස් ගුණවර්ධන 2010-2012 වර්ෂ වලට අදාළව ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී නඩු පවරා තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි.

 

Share This